185
කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා ගද්‍ය පද්‍ය, රචනා, කථික හා චිත්‍ර අවසාන මහා තරගයේ සහ පාලිධම්ම අභිධම්ම විභාගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා (23) බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය සමන්ත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මේ අවස්ථාවේදී කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා අදහස් දැක්වූ අයුරු සේයාරුවෙන් දැක්වේ. රට ගොඩනැඟීමට සුදුසු නායකත්වයක් බිහි කිරීම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධානම වගකීම බවත්, සංගමය ඒ භාරධුර කාර්යභාරයට ඇප කැප වී ක්‍රියා කරන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.