Saturday, May 10, 2025
Home » බන්ධනාගාර නියාමක සුබසාධක සංගමයේ 20 වැනි මහා සභා රැස්වීමෙන්…

බන්ධනාගාර නියාමක සුබසාධක සංගමයේ 20 වැනි මහා සභා රැස්වීමෙන්…

by sachintha
September 29, 2023 1:00 am 0 comment

සමස්ත ලංකා බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුබසාධක සංගමයේ 20 වැනි මහා සභා රැස්වීම ‘අභියෝග පිරි විසි වසක්’ තේමාව යටතේ පසුගියදා (23) බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
බන්ධනාගාර නිලධාරීන් විසින් තම වෘත්තියේ උන්නතිය උදෙසා ක්‍රියාවට නැංවිය යුතු සුවිශේෂ යෝජනා සහිත සංදේශයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණි. බන්ධනාගාර නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය වසර 3ක කාල සීමාව තුළ විධායක සභා නිලධාරීන් විසින් කරන ලද විශිෂ්ට සේවාව, නිලධාරීන්ගේ විශේෂ ඇගයීමකට ලක් කෙරුණු අතර, බන්ධනාගාර කොමසාරිස් (සැපයුම්) කේ.ඒ.එස්. කොඩිතුවක්කු, බන්ධනාගාර කොමසාරිස් (නරුත්ථාපන) ගාමිණී දිසානායක, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජනරාල් ඩෙනිස් ප්‍රනාන්දු, මූලස්ථාන අධිකාරි ජගත් වීරසිංහ මහත්වරු සහ බන්ධනාගාර අධිකාරිවරුන්ගේ සංගමය, බන්ධනාගාර සැරයන්වරුන්ගේ සංගමය නියෝජනය කරමින් එම නියෝජිතයෝද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT