Saturday, May 10, 2025
Home » කාලිපුල්ලවත්තේ පුතාගේ ලක්ෂ 30ක කුඩු තොගයක් දැලේ

කාලිපුල්ලවත්තේ පුතාගේ ලක්ෂ 30ක කුඩු තොගයක් දැලේ

by sachintha
September 29, 2023 1:00 am 0 comment

දෙමටගොඩ කාලිපුල්ලවත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී රු. ලක්ෂ 30කට ආසන්න හෙරොයින් මත්කුඩු ග්‍රෑ. 108ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
කාලිපුල්ලවත්තේ නිවෙසක මත්කුඩු ජාවාරම ජයටම සිදු කරන බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) කපිල බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව නිවෙස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන කළ සෝදිසි මෙහෙයුමේදී මත්කුඩු තොගය සොයාගැනීමට හැකි වී තිබේ.
සැකකරු සන්තකයේ තිබූ මත්කුඩු ‘කාලිපුල්ලවත්තේ පුතා’ යනුවෙන් හඳුන්වන මස් කුඩු ජාවාරම්කරුට අයත් ඒවා බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් මත (උ.පො.ප) චන්ද්‍රසේකර, කොස්තාපල් (79398) විජේසිංහ, (102239) විජේසිරි, (94129) ගුණතිලක, (94094) සංජීව මහත්වරු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT