Home » නවකුරුඳුවත්තේ ගෙදරක සියුම් ලෙස සැකසූ තුවක්කුවක්

නවකුරුඳුවත්තේ ගෙදරක සියුම් ලෙස සැකසූ තුවක්කුවක්

by sachintha
September 29, 2023 12:56 am 0 comment

ටී56 උණ්ඩ භාවිත කර වෙඩි තැබිය හැකි ලෙස සූක්ෂ්මව මෙරටදී නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් නවකුරුඳුවත්ත පොලිස් වසමේ රාක්ෂාව කඩවීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේදී පෙරේදා (27) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගම්පොළ කඳවුරේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත කළ වැටලීමකදී අදාළ ගිනි අවිය සහ ටී56 උණ්ඩයක් සන්තකයේ තබාගෙන සිටි රාක්ෂාව කඩවීදිය, උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවකුරුඳුවත්ත පොලිස් ස්ථානයට භාර දී ඇත.

විශේෂ කාර්ය බ‍්ළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණ දෙන නිලධාරි (ජ්‍යෙ.පො.අ) කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකාය ගම්පොළ කඳවුරේ අණ දෙන නිලධාරි (ප්‍ර.පො.ප) පී.එම්.එන්.කේ. උඩඅරඹ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම කර තිබේ.
රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT