Home » මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක නගර්කෝවිල් මුහුදේදී තිදෙනෙක් නාවික හමුදාවට කොටු වෙති

මුහුදු කූඩැල්ලන් තොගයක් එක්ක නගර්කෝවිල් මුහුදේදී තිදෙනෙක් නාවික හමුදාවට කොටු වෙති

by sachintha
September 29, 2023 1:00 am 0 comment

නීති විරෝධි ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ තිදෙනකු සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් 250ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදාව විසින් යාපනේ නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පෙරේදා (27) අලුයමේදී කළ විශේෂ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනයට අනුයුක්ත මැරීන් බළගණය මඟින් යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට ගත් පිරි අවු. 27ත් 46ත් අතර වයස්වල පසු වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

ඔවුන් සහ අල්ලාගත් දෑ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයට භාර දීමට කටයුතු කර තිබේ.
රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT