148
මෙරටට නීති විරෝධි ලෙස ගෙන්වන ලද රු. කෝටි 11කට අධික වටිනාකමකින් යුතු අධිධාරිතාවෙන් යුක්ත ‘යමහා 1000’ වර්ගයේ යතුරුපැදි දෙකක් පෙරේදා (27) වෙන්නප්පුව ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබියදී වෙන්නප්පුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) කුලරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර, මෙරටට නීති විරෝධි අන්දමින් මෙවැනි යතුරු පැදි ආනයනය කළේ කෙසේද? කුමන කරුණක් සඳහා භාවිත කිරිමට ඒවා යොදාගන්නේද? යන කරුණු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
රක්ෂණ ශ්‍රියන්ත