ජාතික ළමා දිනයට සමගාමීව ලබන ඉරිදා (ඔක්තෝබර් 01වැනිදා) කොළඹ විහාර මහා දේවී සතුටු උයන පරිශ්‍රයේ දී දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කෙරේ.
විශේෂයෙන්ම ආර්ථික අපහසුතා පවතින දෙමාව්පියන්ට දරුවන් සමඟ මෙම අවස්ථාවට එක්වන්නැයි මෙම වැඩසටහනේ සංවිධායක AN ENTERTAINMENT ප්‍රධානි අනිල් ප්‍රසන්ග මහතා දැනුම් දීමක් කරයි. දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක විනෝද ක්‍රීඩා සඳහා කිසිදු අය කිරීමක් නොමැත.
ඔක්තෝබර් 01වැනිදා උදෑසන 9.00 සිට දවස පුරා දරුවන් වෙනුවෙන් විචිත්‍රවත් ළමා වැඩසටහන් ක්‍රියාත්මකය.
තරඟ කරන්නයි, තෑගි දිනන්නයි, විනෝද වෙන්නයි, නැටුම් නටන්නයි, අයිස්ක්‍රීම් කන්නයි, බීම බොන්නයි පුංචි දරුවන්ට දවස පුරා අවස්ථාව හිමිවේ.
එසේම එදින දවස මුළුල්ලේ සංගීත ප්‍රසංග, ගිනි නිවන හමුදා නිලධාරීන්ගේ සංදර්ශන, බන්ධනාගාර රැඳවියන්ගේ නාට්‍යමය වැඩසටහන්, පුංචි කෝච්චි, හංස බෝට්ටු, මින්මැදුරු, bouncers ඇතුළු පොඩිත්තන්ට නොමිලේ සහභාගි වෙන්න විනෝද ක්‍රීඩා රැසක් සංවිධාන කර ඇත.