428
තමන්ගේ කීර්ති නාමයට වූ හානියට රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන්නැයි බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කීර්ති රත්නායක නැමැත්තෙකුට එන්තරාවාසියක් යොමු කැර ඇත.
කීර්ති රත්නායක නැමැත්තා පවත්වාගෙන යන නැෂනල් ඇලට් නැමැති සමාජ මාධ්‍ය ගිණුමක ද්වේශසහගත ලෙස පළ කර ඇති ප්‍රවෘත්තියක් නිසා තම කීර්ති නාමයට හානි වූයේ යැයි අදාළ වන්දි මුදල අධිකරණ ඇමැතිවරයා ඉල්ලා තිබේ. නීතිඥ අමා සඳමිනි එදිනාදුර මහත්මිය ඇමැතිවරයා වෙනුවෙන් මෙම එන්තරවාසිය අදාළ තැනැත්තාට යොමු කර ඇත.
එම මුදල නොගෙවන්නේ නම් සති දෙකක කාලයකින් පසු නඩු පවරන බවත් ඉන් දන්වා ඇත.
සුභාෂිණී සේනානායක