මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ සහරාන් හමු වූ බවට සාක්ෂි නැති බවට චැනල් ෆෝ නාළිකාවේ ප්‍රධානියා කළ ප්‍රකාශයත් සමඟ අදාළ වීඩියෝ වාර්තාව බොරුවක් බව සනාථ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.
අසත්‍ය තොරතුරු පළ කරන එම නාළිකාවෙන් වන්දි ඉල්ලා සිටිය යුතු යැයි ද හෙතෙම කියා සිටියේය.
මෙම නාළිකාවෙන් වන්දි ඉල්ලා නඩු පවරන ලෙස තමන් පෞද්ගලිකවම පක්ෂයේ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව කියා සිටි ඒ මහතා, නිරන්තරයෙන් අසත්‍ය කරුණු මතු කරමින් සිදු කරනු ලබන නොයෙක් ආකාරයේ මඩ ගැසීමට එරෙහි අවසානයක් තිබිය යුතු බවද කියා සිටියේය.
සුභාෂිණී සේනානායක