රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පාසල් අතුරින් සිසුන් පනහට වඩා අඩුවෙන් අධ්‍යාපනය ලබන පාසල් හැත්තෑ හතරක් ඇති බව අනාවරණ වේ. මේ පාසල් පවත්වාගෙන යාම ගැන සොයා බලා තීරණයක් ගැනීමට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව පියවර ගෙන ඇත. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පෙරේදා (26) දින පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්විමේ දී මේ ගැන සාකච්ඡාවට ගෙන ඇත.
දිස්ත්‍රික්කයේ සමහර පාසල්වල ගුරුවරුන් දහයක් දොළහක් පමණ සිටිය දී සිසුන් ඇත්තේ තිහක් හෝ හතළිහක් පමණ බව මෙහිදි අනාවරණය වී ඇත. සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධිකරණ ලේකම් අසිත මුහන්දිරම් මහතා මෙහිදි කියා සිටියේ පහනකට අඩුවෙන් සිටින පාසල් සඳහා ගුරුවරුන් සහ සම්පත් සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි. මෙවැන් පාසල් වල ඉගෙන ගන්නා සිසුන්ට ඇති ආර්ථික අපහසුතා නිසා වෙනත් පාසල් වෙත යාමටද නොහැකි වි ඇති බව ද කියැවේ.
සිසුන් අඩු පාසල් වසා දැමීමට තීරණයක් ගන්නේ නම් ඒවායේ දැනට සිටින සිසුන්ට නේවාසික පහසුකම් සපයාදී හෝ වෙනත් පාසල් සඳහා යොමු කිරීමට ද අවධානය යොමු ව ඇත. මෙහි දී රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසුයේ මෙය මානුෂිය ප්‍රශ්නයක් බැවින් ඒ ගැන සිතා කටයුතු කළ යුතු බවයි.
රක්වාන – ඉන්දික සී. කුමාර