කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව හැලඹවටවන පාසල ආසන්නයේ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට අනුයුක්ත රාත්‍රී ජංගම සංචාරයෙහි යෙදී සිටි පොලිස් නිලධාරීන් ගමන් ගත් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ත්‍රිරෝද රථයක් අනතුරට ලක් කිරීමෙන් පොලිස් කොස්තාපල්වරයකු බරපතළ ලෙස තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර ඇත.
පෙරේදා (27) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරෙන් පොලිස් කොස්තාපල් රියදුරු 15046 අබේවීර නැමති අය රෝහල්ගත කර තිබේ. ආරච්චිකට්ටුව පොලිසියේ සිට ත්‍රිරෝද රථය හලාවත දෙසට ගමන් කරමින් සිටිය දී එම දිශාවට ගමන් කරමින් තිබූ වැගන් ආර් වර්ගයේ කාර් රථයක් ත්‍රිරෝද රථයේ ගැටීමෙන් පසු පලාගොස් තිබේ. අනතුරෙන් ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර එහි රියදුරු තුවාල ලබා තිබේ. ත්‍රීරෝද රථයේ පිටුපස කොටසට හානි සිදු වී ඇත.
අනතුරට ලක් කර පලාගිය වැගන් ආර් වර්ගයේ කාර් රථය අත්අඩංගුවට ගැනීමට ආරච්චිකට්ටුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.රෝහල් ගත කර ඇති කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොලිසිය පවසයි.
මාරවිල සමූහ – මිහිර විජේසේකර