Saturday, May 10, 2025
Home » සාගරිකා දුම්රියේ ලොරිය හැපී සහායක මරුට ලොරි රියැදුරුට බරපතළ තුවාල

සාගරිකා දුම්රියේ ලොරිය හැපී සහායක මරුට ලොරි රියැදුරුට බරපතළ තුවාල

by sachintha
September 29, 2023 1:00 am 0 comment

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කහව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ගොඩගම කුරුප්පුකන්ද දුම්රිය හරස් මාර්ගයේ දී ඊයේ (28) පෙරවරු නවයයි තිහට පමණ කුඩා ලොරි රථයක් සාගරිකා ශීඝ්‍ර‍ගාමී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් ලොරි සහායක මියගියේ යැයි මීටියාගොඩ පොලීසිය පවසයි. ලොරි රථයේ රියදුරා ද තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කොට තිබේ.

මෙම අනතුරින් මියගියේ බද්දේගම උනන්විටියේ පදිංචිකරුවකු වන ජෝති ( 55) නැමති අයෙකි. අනතුර සිදුවූ ස්ථානයේ අනතුරු හැඟෙවෙන විදුලි සංඥා පද්ධතියක් නොමැත. දුම්රියක් එන බව එහි අයෙකු කෑ ගසා කීවත් ලොරි රථය නතරවී ඇත්තේ දුම්රිය මාර්ගයේ එක් පීල්ලක් මත බව පොලීසිය පැවසුවේය.

ලොරිය ගොඩගම දුම්රිය හරස් මාර්ගයේ ගාලු පාර දෙසට එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත. අනතුර සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ආර්. පුෂ්පකුමාර සහ පො. කො. රාජපක්ෂ (45952) යන මහත්වරු පරීක්ෂණ කටයුතු සිදු කරති.

අම්බලන්ගොඩ සමූහ – ආර්. ඤාණදාස කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT