Saturday, May 10, 2025
Home » මාතර සුජාතා නව විදුහල්පතිනිය සුභාෂිණී සිරිබද්ධන

මාතර සුජාතා නව විදුහල්පතිනිය සුභාෂිණී සිරිබද්ධන

by sachintha
September 29, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන ඉද්දමල්ගොඩ සුභාෂිණී සිරිබද්ධන මහත්මිය මාතර සුජාතා විද්‍යාලයේ නව විදුහල්පතිනිය ලෙස පසුගිය 26 වැනි දින වැඩ භාරගත්තාය.

පාසල් පරිපාලනය පිළිබඳ අත්දැකීම් ඇති සුභාෂිණී සිරිබද්ධන මහත්මිය රුහුණ විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හා සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියත් ලබා ඇත. ඇය 2002 වසරේ සිට 2005 වසර දක්වා රුහුණ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක ලෙස ද සේවය කර ඇත.

පසුව 2005 වසරේදී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විවෘත තරග විභාගය සමත්ව අධ්‍යාපන පරිපාලන සේවයට එක්ව ඇත. අධ්‍යාපන සේවයේ පළමු පත්වීම ලෙස කඹුරුපිටිය නාරන්දෙනිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස පත්වීම් ලබන සුභාෂිණී සිරිබද්ධන මහත්මිය එහි වැඩබලන විදුහල්පතිනිය ලෙස ද සේවය කර ඇත.

2007 වසරේ සිට මාතර සුජාතා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස පත්ව ඇති සුභාෂිණී සිරිබද්ධන මහත්මිය එහි වැඩබලන විදුහල්පතිනිය ලෙස සේවය කර ඇත. 2014 වසරේ සිට මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස පත්ව සුජාතා විද්‍යාලයට පැමිණෙන තෙක් වසර නවයක් පුරා ඇය එහි විදුහල්පති ධූරය දරා ඇත.

අදාළ සේවා කාලය තුළ ඇය විසින් අ.පො.ස (සා.පෙළ) ප්‍රතිඵල 99.4% දක්වා ඉහළ නැංවීම, විද්‍යාලයට අඩුවක්ව පැවති තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීම, ශ්‍රවණාගාරයක් සහිත සිවුමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළු ඵලදායී වැඩසටහන් රැසක් දියත් කර ඇත.

ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT