බුත්තල ඓතිහාසික යුදඟනාව රජමහා විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉඳිකෙරෙන ජාත්‍යන්තර භාවනා උයනේ වැඩ ආරම්භ කිරීම පසුගියදා සිදුකෙරිණි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ චරිතයට පණ පෙවූ ඉන්දියානු ජනප්‍රිය නළු ගගන් මලික් මහතා ඇතුළු ඉන්දියානු දූත පිරිසකගේ සහභාගීත්වයෙන් මුල්ගල තැබීම යුදඟනා සෑරදුන් අභියසදී සිදුකෙරිණි. ඊට සමගාමීව සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමක්ද සිදු විය.
ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බුත්තල යුදඟනාව රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන, මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ඔක්කම්පිටිය දෙමටමල් විහාරාධිපති ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද යන ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.එස්. තිලකරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මෙම පිංකමට සහභාගී වූහ.
ඌව වෙල්ලස්ස විශේෂ ඩී. එස්. ගුණතිලක