Saturday, May 10, 2025
Home » රොටරි සමාජයෙන් පාසල් දරුවන්ට සහනාධාර

රොටරි සමාජයෙන් පාසල් දරුවන්ට සහනාධාර

by sachintha
September 29, 2023 1:00 am 0 comment

බදුල්ල රෝටරි සමාජය හා කොළඹ ‍හෙරිටේජ් රොටරි සමාජය එක්ව රිදීමාලියද්ද ගල්බොක්ක පාසලේ සිසු දරුවන් සියලුම දෙනාට පාසල් උපකරණ හා වියළි ආහාර ‍බෙදාදීම පසුගියදා ඒම පාසලේදි සිදුවිය.

ලංකාවේ පමණක් නොව ඌව පළාතේ අති දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රිදීමාලියද්ද, දෙහිගම ග්‍රාම නිලධාරී වසමට අයත් ගල්බොක්ක, යල්අරාව, ‍හෙවන්වත්ත, ‍පොල්වගාව, ගල් බොක්ක යන ගම්මානවලින් දරුවන් 84 දෙනෙකු 1-5 වසර වල ඉගෙනීමට ගල්බොක්ක පාසලට පැමිණෙති.

මෙම පාසලට පැමිණෙන දරුවන්ගේ ‍මාපියන් වැඩි පිරිසක් හේන් ගොවිතැන ජීවිකාව කරගෙන තිබෙන අතර ඇතැම් දරුවන්ගේ දෙමාපියන් දරුවන් අතහැර දමා ගොස් තිබෙන නිසා පාසල් ඇඳුම, පෝෂ්‍යදායි ආහාරයක් පවා දරුවන්ට නොමැති බව පවසයි.

රොටරි සමාජය මගින් පාසලේ දරුවන් 84 දෙනාට රුපියල් ලක්ෂ 15කට වැඩිය වටිනා පොත් බෑග්, සපත්තු, ඇතුළු සියලුම පාසල් උපකරණ ලබාදුන් අතර ඔවුන්ගේ ගුරුවරුන් පස්දෙනාටත් දෙමාපියන් සහ භාරකරුවන්ටත් වියළි ආහාර බෙදාදීම සිදු කෙරිණි.

ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT