මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලීම නිසා බගවන්තලාව ප්‍රදේශයේ පාසල් ඇතුළු පහත් බිම්වල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වීම වැලැක්වීමට පියවර ගැනිණි.
කෙසෙල්ගමුඔය බගවන්තලාව තෙරේසියා වත්තේ සිට ටින්සින් නගරය දක්වා කිලෝමීටර් 3.6 ක දුරක් ඔය පටු වීම නිසා නිසිලෙස ජලය බැස නොයෑම සහ කාලයක් තිස්සේ කෙසෙල්ගමුඔය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් සුළු වර්ෂාපතනයකදී පවා බගවන්තලාව නගරය, සෙන්මේරිස් ජාතික පාසල, බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම්වල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වීම නිසා විශාල පිරිසක් දැඩි පිඩාවට පත්ව සිටිති.
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ඉල්ලීමක් මත ආපදා කළමනාකරණ ඒකකය සහ අදාළ රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව කෙසෙල්ගමුඔය ඉවුරු මීටර් දෙක බැගින් කපා පුළුල් කර නිසිලෙස ජලය ගලා බැසීමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අනුමැතිය ලබා දී ඇත.
එම අනුමැතියට යටත්ව කෙසෙල්ගමුඔය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයෙන් රු. මිලියන 13 ක ප්‍රතිපාදන ලබා දී ඇත.
කෙසෙල්ගමුඔය පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීම නුවරඑළිය දිස්ත්‍රික් පා. ම. මරුදපාණ්ඩි රමේෂ්වරන් (ලංකා කම්කරු කොන්ග්රසය) ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කළ අතර, ඒ සඳහා නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ ගං වතුරෙන් ආපදාවට පත්ව සිටි ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටිහ.
හැටන් රංජිත් රාජපක්ෂ