Saturday, May 10, 2025
Home » කෝටියක විදුලි උපකරණ ඉස්සූ හොරා කොටු වෙයි

කෝටියක විදුලි උපකරණ ඉස්සූ හොරා කොටු වෙයි

by sachintha
September 29, 2023 1:00 am 0 comment

බොරැල්ල පොලිස් වසමේ නිවාස දෙකක් සහ ආයතනයක් බිඳ රුපියල් කෝටියකට අධික විදුලි උපකරණ සොරාගත් පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී මත්කුඩු මිලිගෑම් 10500 ක් පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරු රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත බොරැල්ල ප්‍රදේශයේ නිවාස දෙකකින් සහ ආයතනයක් බිඳ සොරාගත් දේපළ විවිධ පුද්ගලයන්ට අඩු මුදලට විකුණා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ මත විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර හතක් පමණ, පරිගණකයක්, ඩීවීඩී ප්ලේයරයක්, දේශීය මත්පැන් බෝතල් දෙකක්, විදේශීය සුවඳ විලවුන් බෝතලයක්, පාපැදියක්, මුද්‍රණ යන්ත්‍රයක්, ඇපල් වර්ගයේ අයිපොට් 4 අක්, ඩිජිටල් කැමරා දෙකක් හා විදුලි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙකි.

සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවෙකු බව කියයි. සැකකරු වයස අවුරුදු 43 ක් වන රාජගිරිය ජනාධිපති විද්‍යාලය මාවත පදිංචිකරුවෙකි. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කරයි.

 

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT