Home » මාධ්‍යවේදිනියට ඩිප්ලෝමාවක්

මාධ්‍යවේදිනියට ඩිප්ලෝමාවක්

by sachintha
September 29, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාපත් හෙල්දි ලංකා ආයතනයත් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෞද්ධ කටයුතු අංශයත් එක්ව සංවිධාන කළ දහම් පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ බෞද්ධ මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව හැදෑරීම වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

දේශීය ඥානය සහ සාම්ප්‍රදායික විද්‍යා පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සමන් වීරක්කොඩි මහතාත් හෙල්දි ආයතනයේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසිංහ මහතාත් අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතාත් එදින දේශන පැවැත්වූහ. කොළඹ නව කෝරළයේ හා නව තොටමුනේ සංඝනායක පත්බේරිය විමලඤාණ ස්වාමින් වහන්සේගේ අතින් දහම් පාසල් ගුරුවරියක වන නාවලගේ ජයන්ති කුරේ විසින් සහතිකපත්‍රය ලබා ගන්නා අයුරු.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT