හෝමාගම කටුවාන අතුරු මාර්ගය දෙපස, රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් 25වන දින සිදු කෙරුණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ විසින් මෑතකදී කාපට් අතුරා සංවර්ධනය කරන ලද, මෙම මාර්ගය දෙපස නාගරික සංවර්ධන අධිකාරියේ නිර්දේශය මත, අඩවි වන කාර්යාලය මගින් ලබාදුන්, මී පැළ, සහ කුඹුක් පැළ, 100 ක්, බාලදක්ෂ පෝතක දරුවන්ගේ මැදිහත්වීමෙන් රෝපණය කිරීම මෙලෙස සිදු කෙරුණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක, සහකාර ප්‍රාදේශීය ලේකම් බී. එස්. කැකුලාවල යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන්, කටුවාන ග්‍රාම නිලධාරිනි, ඉඩම් පරිහරණ හා සැලසුම් සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී (දේශීය වෛද්‍ය) සහ ආයුර්වේද සංරක්ෂණ සභාවේ එකමුතුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි.
පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ
247
කලින් පුවත