Saturday, May 10, 2025
Home » පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය කසළ බඳුනක් අසල

පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය කසළ බඳුනක් අසල

by sachintha
September 29, 2023 1:01 am 0 comment

කොටහේන පොලිසියේ අතුරුදන් වූ පිස්තෝල ගිනිඅවිය කසළ බහාලන බඳුනක් අසල තිබිය දී ඊයේ (28) පෙරවරුවේ හමුවූ බව කොටහේන පොලීසිය කියයි.

උප සේවා රාජකාරි භාර ගැනීමට (26) රාත්‍රියේ පැමිණි පොලිස් සැරයන්වරයකු ගිනි අවි බහාලන ආරක්ෂිත පෙට්ටිය පරීක්ෂාකර බැලිමේ දී උණ්ඩ පහක් අඩංගුව තිබූ මැගසිනයක් සමඟ පිස්තෝල ගිනි අවියක අඩුවක් ඇති බව ස්ථානාධිපතිවරයා ව දැනුම්වත් කර තිබූ බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගිනි අවිය අස්ථාන ගතවීමත් සමඟම පොලිස් ස්ථානය තුළ තනි කඩ භට නිවාස, නඩු භාණ්ඩ ඇතුළු අනෙකුත් සියලුම ස්ථාන දැඩි පරීක්ෂාවට එදින සිට ලක් කළ ද ගිනි අවිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ආවරණය නොවූ අතර ඊයේ (28) දින තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා සූදානම්ව සිටි අවස්ථාවේදී පොලිසිය පිටුපස ගේට්ටුව ආසන්නයේ තිබෙන කසළ බඳුන් අසල තිබී ගිනි අවිය හමුවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අස්ථානගත වූ ගිනි අවිය සම්බන්ධයෙන් ක්ෂණිකව තොරතුරු පිටතට පැමිණීමත් එය සොයා ගැනීම සඳහා ක්ෂණිකව ක්‍රියා ක්‍රියාමාර්ග ගැනීමක් හේතුකොටගෙන එය සොරාගත් පුද්ගලයා බියට පත් වි ගිනි අවිය ගෙනත් දමන්නට ඇති බවට බොහෝ දුරටත් සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. කොටහේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT