අම්පාර සිට කොළඹ දක්වා නීති විරෝධීව රැගෙන යමින් සිටි එළුවන් පනස් දෙදෙනකු සමඟ පුද්ගලයන් දෙදෙනකු මැල්සිරිපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට මැල්සිරිපුර පොලිසිය සමත් විය.
මෙලෙස සැකකරුවන් වූ කටුපොත , කැකුණගොල්ල ප්‍රදේශයේ පදිංචි සුලෙයිමාන් ලෙබ්බේ සහ මොහොමඩ් කාසිම් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන 27 දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් හැත්තෑ දහස බැගින් රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක දඩයක් ගෙවීමට කුරුණෑගල මහේස්ත්‍රාත් විනිසුරු බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය.
සතුන් අලෙවි කිරීම පිළිබඳ බලපත්‍ර හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඒ සඳහා නිකුත් කළ නිර්දේශ හෝ කිසිවක් නොමැතිව මෙම සැකකාර පුද්ගලයන් දෙදෙනා එළුවන් ප්‍රවාහනය කිරීමට එරෙහිව මෙම දඩය ගෙවීමට නියෝග කරනු ලැබීය. වයඹ ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා විසින් මාර්ග බාධක යොදවා කරන ලද විශේෂ රාජකාරියේ දී කුරුණෑගල මැල්සිරිපුර කොස්කැලේ ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල සහකාර ජ්‍යෙ. පොලිස් අධිකාරී උපුල් චන්දන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි නිල්මිණී චන්ද්‍රරත්න මහත්මියගේ ද උපදෙස් මත මැල්සිරිපුර ස්ථානභාර පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහතාගේ මැදිහත්වීමෙන් පොලිස් සැරයන් 37359, පොලිස් කොස්තාපල් 40115 සරත්, පොලිස් කොස්තාපල් 40115 ඒකනායක, පොලිස් කොස්තාපල් 73903 මධුශංක, පොලිස් කොස්තාපල් 25674 රත්නායක යන නිලධාරීහූ මෙම වැටලීම සිදු කරනු ලැබූහ.
කුරුණෑගල කුමාරි දිසානායක