272
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා යළිත් තේරී පත්විය.
ඉදිරි සිව් වසරක කාලයක සඳහා ඔහු මෙම ධුරයෙහි කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද(29) පැවැත්වුණේ, පදනම් ආයතනයේදීය.
සභාපති ධුරය සදහා හිටපු සභාපතිවරයෙකු වන ජස්වර් උමාර් මහතා සහ නව අපේක්ෂකයෙකු ලෙස දක්ෂිත සුමතිපාල මහතා තරග වැදුණි.
අද නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටි පාපන්දු සමාජ සංඛ්‍යාව 67ක්. ඉන් 65ක් ඡන්දය භාවිත කර තිබේ. ඒ අනුව, ජස්වර් උමාර් මහතා ඡන්ද 45ක් ලබාගෙන පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස යළිත් වරක් තේරී පත්විය.
ඔහුගේ ප්‍රතිවාදියා වූ දක්ෂිත සුමතිපාල මහතා ලබාගත්තේ, ඡන්ද 20ක් පමණි.