Tuesday, December 5, 2023
Home » අවාරේ සිරිපා කරුණාව අවසරයකින් තොරව තහනම්

අවාරේ සිරිපා කරුණාව අවසරයකින් තොරව තහනම්

by chanaka
September 30, 2023 3:35 pm 0 comment

අවසරයකින් තොරව, අවාරයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

අවාරයේදී කරුණා කිරීමට ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව, දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කරයි.

2022 – 2023 ශ්‍රීපාද වන්දනා සමග අවසන් වීමත් සමග ශ්‍රීපාද්ස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි අවසරයකින් තොරව හැටන් හෝ රත්නපුර මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම තහනම් කෙරුණි.

අවාරයේ කරුණා කරන්නේ නම්, ඊට අදාළ ආයතනවලින් අවසර ලබා ගත යුතු බව, දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ඒ සඳහා නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථානය දැනුවත් කර අවසර ලබා ගත යුතුය. එසේ අවසරයකින් තොරව ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙස නල්ලතන්නිය සහ රත්නපුර පොලිස්ථානය දැනුවත් කර ඇති බව, නන්දල ගලබඩ මහතා සදහන් කළේය.

මේ දිනවල ශ්‍රීපාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින්කඩ අධික වර්ෂාවක් පතිතවේ. ශ්‍රී පාදස්ථානයට පිවිසෙන පියගැටපෙළ දිගේ අධික ජල ධාරිතාවක් පහළට ගලා බසින නිසා අවසර ලබා ගෙන හෝ ශ්‍රීපාදස්ථානය කරුණා කිරීමට අවදානම් බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT