473
සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්ත ව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකි.
මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතාට අද අලුයම 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
අදාල නිලධාරියා විසින් වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වෙඩි තබා ඇතැයි සදහන් වේ.
වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන අතර සීතා ඇතින්න ගේ වයස අවුරුදු 47කි.