Home » Ex-Pack ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස බුහුමනට ලක් වෙයි

Ex-Pack ආසියාවේ හොඳම සේවා ස්ථානයක් ලෙස බුහුමනට ලක් වෙයි

by gayan
September 30, 2023 1:00 am 0 comment

ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Ex-pack Corrugated Cartons PLC සමාගම, පසුගියදා පැවති Great Place to Work Sri Lanka වාර්ෂික සම්මාන උලෙළේදී කුඩා පරිමාණ සේවා ස්ථාන කාණ්ඩයේ පස්වැනි ස්ථානය දිනාගැනීමට සමත්විය. කාබන් ශූන්‍යතා සහතිකය ලත් සහ තිරසරභාවය පිළිබඳ ඉහළ අවධානයක් ලබා දෙන සමාගමක් ලෙස Ex-pack සමාගම, තිරසර සේවක අත්දැකීම් ජනිත කිරීම උදෙසා ගෝලීය භාවිතාවන් භාවිතයට ගැනීම අගයමින් මෙම ශ්‍රේණිගත කිරීම හිමිකර ගත්තේය.

Ex-pack සමාගම මෙම ඇගැයීම දිනාගත් පස්වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. සමාගම අයත්වන කර්මාන්ත ක්ෂේත්‍රය හා සැසඳීමේදී සේවක සුබසාධනය සහ සෞඛ්‍යසම්පන්න සේවා ස්ථානයක් සහතික කිරීම වෙනුවෙන් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙවන් බුහුමනක් හිමිවීමට තීරණාත්මක විය. වරක් සමස්ත ආසියාවේම සුළු හා මධ්‍ය පරිමාණ කාණ්ඩයේ හොඳම සේවා ස්ථානය ලෙස ද Ex-pack සමාගම නම් කෙරිණි.

Ex-pack සේවකයින්ගේ කැපවීම සහ අධිෂ්ඨානශීලිත්වයට කදිම නිදසුනක් සපයන මෙම ගෞරව සම්මාන, සමාගමේ වර්ධනයට සහ ශක්තියට ද මහත් පිටිවහලක් සපයයි. ″නායකත්වයේ ඉහළින්ම සිටින අපිට පවා බොහෝ අවස්ථාවන්හි අපේ සේවකයින් ආදර්ශ සපයනවා. එම නිසා අපි සෑම විටම එකිනෙකාගෙන් ඉගෙනීම වෙනුවෙන් මහන්සි වන ආයතනයක්. සෑම සේවකයෙක්ටම තමන්ගේ මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. සමාගමේ ප්‍රතිපත්ති සහ භාවිතාවන් පවා ඒ ඒ පුද්ගලයින්ගේ වර්ධනයට, සමානාත්මතාවට සහ විවිධත්වයට ගරු කරන ආකාරයට නිර්මාණය කර තිබෙනවා″, යනුවෙන් Ex-pack සභාපති සත්තර් කාසිම් මහතා ප්‍රකාශ කළේය.

සිවිල් යුද සමයේ සිට කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුද සමය දක්වා ශ්‍රී ලංකාව ගත කළ අතිශය අසීරු කාලපරිච්ඡේදවලදී පවා කැලණියේ පිහිටි Ex-pack හි නවීන කර්මාන්තශාලා පරිශ්‍රයේ සේවය කරන 300ක සේවක පිරිස ඉතාමත් කැපවීමෙන් සහ ශක්තියෙන් සේවය කළහ. සේවකයින් හට කළමනාකාරීත්වය සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමට ඇති හැකියාව ද සමාගම තුළ ඇති ශක්තිමත් සේවා සංස්කෘතියට ඉවහල් වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT