Home » මේ වසරේදී මධ්‍යධරණී මුහුදෙන් යුරෝපයට යෑමට ගිය සරණාගතයෝ 2,500ක් මුහුදට බිලි

මේ වසරේදී මධ්‍යධරණී මුහුදෙන් යුරෝපයට යෑමට ගිය සරණාගතයෝ 2,500ක් මුහුදට බිලි

එ/ජා/ සරණාගත ඒජන්සියේ අධ්‍යක්ෂිකා රුවෙන් මැණික්දිවෙල කියයි

by gayan
September 30, 2023 1:00 am 0 comment

2023 වසරේ සැප්තැම්බර් මස 24 දායින් ගත වූ කාලය ඇතුළත මධ්‍යධරණී මුහුදු මාර්ගය ඔස්සේ සංක්‍රමණය වූ සරණාගතයන් 2,500ක් ජීවිතක්ෂයට පත් වී හෝ අතුරුදන් වී ඇතැයිද, තවත් එක්ලක්ෂ අසූහය දහසක් යුරෝපයට පලා ගොස් ඇතැයිද එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යධරණී මුහුදෙන් සහ ගොඩබිම් මාර්ගයෙන් පලායන සරණාගතයන් ජීවිතක්ෂයට පත් වීමේ නිමාවක් නැති බවයි.

යුරෝපයට පලා ගිය පිරිස අතුරින් 83%ක්ම ඉතාලියට සංක්‍රමණය වී ඇති බවත්, සෙසු පිරිස ග්‍රීසිය, ස්පාඤ්ඤය, සයිප්‍රසය හා මෝල්ටෝවාට ගොස් ඇති බවත් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ නිව්යෝක් නුවර කාර්යාලයේ අධ්‍යක්ෂිකා රුවෙන් මැණික්දිවෙල ප්‍රකාශ කර ඇත.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අවදානම් මුහුදු ගමනින් මිය ගිය හෝ අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ. වසර 2022 දී සැප්තැම්බර් 24 දක්වා ඇතුළත කාලයේ එසේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ ගත් පුද්ගලයන් 1680ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ. කෙතරම් අවදානම් ගමනක් වුවද මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට පලා යෑමට උත්සාහ ගන්නා සරණාගතයන්ගේ අඩුවක් මෙතෙක් පෙනෙන්න නැති බවත් රුවෙන් මැණික්දිවෙල ප්‍රකාශ කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x