Tuesday, December 5, 2023
Home » ඩෙංගු රෝගය බංග්ලාදේශයේ ජීවිත දහසක් බිලි ගනී

ඩෙංගු රෝගය බංග්ලාදේශයේ ජීවිත දහසක් බිලි ගනී

by gayan
September 30, 2023 1:00 am 0 comment

පසුගිය සති කිහිපය තුළ බංග්ලාදේශයේ ඩෙංගු රෝගීන් දහසකට ආසන්න පිරිසක් මිය ගොස් ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ දරුණුතම රෝගය ලෙස සැලකෙන ඩෙංගු රෝගය මේ වන විට බංග්ලාදේශයේ අසාමාන්‍ය ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

තෙත් බිම්, මෝසම් වැසි සහ අපිරිසුදු කානු පද්ධති බංග්ලාදේශයේ ඩෙංගු බෝවීමට ප්‍රධානතම සාධක බවට හඳුනා ගෙන ඇති අතර, රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට එරට සෞඛ්‍ය නිලධාරීන් දැඩි උත්සාහයක නිරතව සිටින බව සඳහන් වේ. පසුගිය වසරට සාපේක්ෂව වර්තමානයේ බංග්ලාදේශයේ ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ. මේ වන විට එරට සියලු දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇතැයි ද සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT