Tuesday, December 5, 2023
Home » තායිලන්තයේ නිවෙසකින් මත්පෙති මිලියන 15ක්

තායිලන්තයේ නිවෙසකින් මත්පෙති මිලියන 15ක්

by gayan
September 30, 2023 1:00 am 0 comment

අමෙරිකානු ඩොලර් මිලියන 8.15ක් වටිනා මෙතම්ෆෙටමයින් මත් පෙති මිලියන 15ක් සහ තවත් විවිධ මත්පෙති තොගයක් අත්අඩංගුවට ගැනීමට තායිලන්ත පොලිසිය සමත් වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. එය මේ වසරේදී මෙතෙක් තායිලන්ත බලධාරීන් විසින් වටලනු ලැබූ විශාලතම මත්පෙති තොගය බවද වාර්තා වේ.

බැංකොක් අගනුවරට උතුරින් පිහිටි නකෝන් පතෝම් පළාතේ නිවෙසකින් එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති අතර, අයිස් කි.ග්‍රෑ. 420ක් සහ හෙරොයින් විශාල ප්‍රමාණයක්ද එහි තිබූ බව වාර්තා වේ. මේ සම්බන්ධව පුද්ගලයන් සිව්දෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ. තායිලන්තයේ පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ එය අසල්වැසි රටක නිෂ්පාදිත මත්ද්‍රව්‍ය තොගයක් බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT