අසල්වැසි රටවල කුරුළු උණ ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් දකුණු අප්‍රිකාවෙන් කුකුළු මස් සහ කුරුල්ලන් ආනයනය අත්හිටුවීමට නැමීබියාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ. කුරුළු උණ වසංගතයේ ව්‍යාප්තිය සම්බන්ධව ඇති අවදානම සැලකිල්ලට ගෙන මේ පියවර ගත් බව නැමීබියාවේ කෘෂිකර්ම ඇමැති ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නැවත දැනුම් දෙන තුරු දකුණු අප්‍රිකාවෙන් සත්ව ආහාර, බිත්තර සහ කුකුළු පැටවුන් ගෙන්වීම ද අත්හිටවූ බව නැමීබියාවේ කෘෂිකර්ම ඇමැති වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ පළමුවරට අප්‍රිකානු මහාද්වීපයේ විශාලතම කුකුළු මස් අපනයනකරු වන දකුණු අප්‍රිකාවේ කුරුළු උණ ආසාදිත පුද්ගලයකු එරට සත්ව ගොවිපොළකින් හඳුනා ගෙන තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.