උදරාබාධයකට රෝහල්ගත වූ පුද්ගලයකුගේ ආමාශයේ සිදු කළ සැත්කමකින් නිවෙසේ පරිහරණය කරන කුඩා භාණ්ඩ 60ක් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් විසින් සොයාගනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. විමතිය දනවනසුලු මේ සිදුවීමෙන් වෛද්‍යවරුන් පවා දැඩි කම්පනයට පත් වී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
කුල්දීප් සිං නමැති 35 හැවිරිදි මේ පුද්ගලයාගේ ආමාශයේ තිබූ භාණ්ඩ අතර බොත්තම්, ඉයර්ෆෝන්, දම්වැල්, විවිධ ඇට වර්ග, කුඩා ඇණ වර්ග සහ සිප් වාර්ග ඇතුළු කුඩා භාණ්ඩ 60කට වඩා තිබූ බවද වාර්තා වේ. ඔහු රෝහල්ගත වී ඇත්තේ උණ රෝගය වැලඳීම හා උදරාබාධය හේතුවෙන් බවත්, උදරයේ සිදු කළ එක්ස් කිරණ පරීක්ෂණයෙන් පසු ආමාශයේ තිබූ භාණ්ඩ දැකීමෙන් වෛද්‍යවරු තැතිගත් බවත් වාර්තා වේ. එම පුද්ගලයා මානසික රෝගියකු බව පසුව අනාවරණය වී තිබේ.