ප්‍රංශයේ ලොරියක පිටුපස කොටසේ සඟවා එංගලන්තයට රැගෙන යෑමට සිටි සංක්‍රමණික කාන්තාවන් 6 දෙනකු නිරුපද්‍රිතව බේරාගැනීමට ප්‍රංශ පොලිසිය සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වියට්නාම ජාතික කාන්තාවන් 4 දෙනකු සහ ඉරාක ජාතික කාන්තාවන් දෙදෙනකු එම ලොරි රථයේ සිර වී හුස්ම ගැනීමේ අපහසුතාවෙන් සිටි බවද වාර්තා වේ.
අයර්ලන්තයේ ලියා පදිංචි එම ලොරියේ සිර වී හුස්ම ගැනීමට නොහැකිව සිටි කාන්තාවක බීබීසී පුවත් සේවයේ වාර්තාකරුවකුට දුරකතන ඇමතුමක් දී ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති අතර, පසුව වාර්තාකරු විසින් ප්‍රංශ පොලිසියට දැනුම් දෙනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ. සංක්‍රමණික කාන්තාවන් 6 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කාන්තාවන් 4 දෙනකුට දින 30ක් ඇතුළත රටින් පිටවන ලෙස නියෝග කර ඇති අතර, සෙසු කාන්තාවන් දෙදෙනාට සරණාගත අයදුම්පත බලාපොරොත්තුවෙන් ප්‍රංශයේ රැඳී සිටීමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ.