පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 52 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ. නබිනායකතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැති ජන්ම දින උත්සවයකදී බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 50කට වැඩි බව ද වාර්තා වේ. බෝම්බ ප්‍රහාරයත් සමඟ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ පැවති නබිනායක ජන්ම දින උත්සවයකටද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවද, මිය ගිය පුද්ගලයන් හෝ තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාර්තා නොවන බවත් සඳහන් වේ.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව බලුකිස්තානයේ පොලිස් ප්‍රධානී අබ්දුල් කාලිඩ් ප්‍රකාශ කර තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රහාරකයා වැළැක්වීමට උත්සාහ කර ඇතැයිද, එසැණින් ඔහු බෝම්බය පුපුරුවාගත් බවද පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ. එම පොලිස් නිලධාරියාද ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව තහවුරු වී ඇති අතර, බලුකිස්තාන ප්‍රාන්තයට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත. ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිදු පාර්ශ්වයක් වගකීම භාර ගෙන නැති බවද සඳහන් වේ.