කොබෙයිගනේ කිතගම පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා මෝටර් රථයක් මිල දී ගැනීමේ මුවාවෙන් පැමිණ පැහැරගෙන යමින් සිටි පුද්ගලයකු කොබෙයිගනේ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (28) දහවල් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
හොන්ඩා ග්‍රේස් වර්ග එම මෝටර් රථය කොල්ලකා රැගෙන ගොස් ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි. විහාරාධිපති හිමි විසින් පොලිසියට ඒ බව දැනුම් දී පැයක් යන්නට මත්තෙන් පොලිසිය මෝටර් රථයේ පසුපස හඹාගොස් කොල්ලකරුව කොටු කරගෙන නීතිය හමුවට ඉදිරිපත් කර තිබේ. මේ කොල්ලකරු පැමිණ ඇත්තේ තවත් දෙදෙනෙකු සමඟය. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා මුදාහැරීමට පොලිසිය පියවර ගෙන තිබේ.