Home » ධීවර ඇමැති දකුණු කොරියානු සාගර ඇමැති හමු වෙයි

ධීවර ඇමැති දකුණු කොරියානු සාගර ඇමැති හමු වෙයි

by gayan
September 30, 2023 1:00 am 0 comment

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සහ දකුණු කොරියානු සාගර සහ ධීවර ඇමැති චෝ සෙන්ග් හවාන් (Cho seung hwan ) මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර හමුවක් පසුගියදා දකුණු කොරියාවේදී සිදු විණි. පසුගිය18-22 දින දක්වා ධීවර ඇමැතිවරයා දකුණු කොරියාවේ නිල සංචාරයක යෙදුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ ධිවර ක්ෂේත්‍ර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවල නිරත විය. මේ සාකඡාවේදී චෝ සෙන්ග් හවාන් (Cho seung hwan ) මහතා ඇතුළු නියෝජිත පිරිස පෙන්වා දී ඇත්තේ ලෝක ආහාර සංවිධානයේ නිගමනයන්ට අනුව ,ලෝකයේ ඉදිරි අනාගතයේදී සාගරයේ මත්ස්‍ය සම්පත විනාශ වී අඩුවීයෑමට හේතුවන දේශගුණික විපර්යාස රැසක් සිදු වෙමින් පවතින බවත්ය. එම නිසා වැඩිවන ජනගහනයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනයේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බැවින් දකුණු කොරියානු නියෝජිතයන්ගේ ඉල්ලීම වුයේ එම ප්‍රෝටීන් අවශ්‍යතාව සැපයීමට අවශ්‍ය ජලජීවී වගාවන් සංවර්ධන කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම සුදුසු බවයි. විශේෂයෙන් ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපීරීමට අවශ්‍ය මස් ලබා ගැනීම සඳහා කෙරෙන ගොවිපොළට විශාල වියදමක් දැරීමට සිදු වන බවත් මස් කිලෝවක් නිෂ්පාදනය සඳහා සතුන්ට (ගවයන්, කුකුලන්, බැටළුවන්) ආහාර කිලෝ 7.5- 08ක් පමණ සැපයිය යුතු අතර ඒ සඳහා අධික මුදලක් වැය වන බවත් පෙන්වා දුන් නියෝජිත පිරිස අවධාරණය කළේ ජලජීවී වගා සඳහා මසුන් ඇති කිරීමේදී මසුන් කිලෝවක් සඳහා වැය වන්නේ එම ආහාර කිලෝ 1.5ක් වැනි ප්‍රමාණයක් බවයි.එහෙයින් ජලජීවී වගාව සංවර්ධනය කිරීම අතිශය වැදගත් බව කොරියානු නියෝජිතයන් විසින් පෙන්වා දුන්නේය. මේ පිළිබඳව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා, දකුණු කොරියානු සාගර සහ ධීවර ඇමැතිවරයා හමුවේ අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව සංවර්ධනය සඳහා වූ ස්වාභාවික සම්පත් වැඩිදියුණු කර සංවර්ධනය කිරීමට තමා බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා දකුණු කොරියාව වැනි දියුණු රටවලින් සිය රටට ආධාර හා තාක්ෂණික සහාය දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවසීය. රට අභ්‍යන්තරයේ ඇති ජලාශවලට මත්ස්‍ය පැටවුන් දැමීම හා අභිජනනාගාර රැසක් ඉදිකර ඇති බවද ඒවා නවීන තාක්ෂණයෙන් යුතුව සංවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර තම රටට දෙන ලෙසද ඇමැතිවරයා ඉල්ලීමක් කළේය.මේ සංචාරයට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ද එක්විය.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT