Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාවේ සෑම ක්‍රියාවකටම චීන‍ය දෙන සහාය ඉහළයි

ශ්‍රී ලංකාවේ සෑම ක්‍රියාවකටම චීන‍ය දෙන සහාය ඉහළයි

74 වන චීන ජාතික දිනදේශනයේදී ඇමැති නිමල් සිරිපාල කියයි

by gayan
September 30, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ සමාජ, සංස්කෘතික හා ආර්ථික කටයුතුවලදී චීනය දක්වන සහයෝගය අගය කරන බව වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල දි සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ 74 වන චීන ජාතික දිනයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය විසින් සංවිධාන කරන ලද 74 වන චීන ජාතික දින සැමරුම පෙරේදා( 28) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

පැමිණ සිටි විශේෂ ආරාධිතයන් පිළිගනිමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යු ෂෙන්හොං මහතා ශ්‍රී ලංකාව චීනයේ දීර්ඝකාලීන මිතුරකු බව කියා සිටියේය. චීනය සංවර්ධිත මාවතේ ජයග්‍රහණ ලබන විට ශ්‍රී ලංකාව ලබාදුන් සහාය චීනය නිරන්තරව සිහි කරන බවත් හෙතෙම කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් එහි ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් මේ කාලයේ චීනය විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

තවදුරටත් කතා කරමින් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කියා සිටියේය.

චීනයේ 74 වන ජාතික දින සැමරුම් උත්සවයට රජය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම මහත් අභිමානයක් කොට සලකනවා. ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මේ මොහොතට සුබපැතුම් එක් කරනවා. එසේම චීනයේ දීර්ඝකාලීන මිතුරකු ලෙස චීනය මේ වනවිට ලබාගෙන ඇති සුවිශේෂී ආ ර් ථික ජයග්‍රහණ පිළිබඳවත් පසුගිය දශක කීපයේදී එහි බිලියන 07ක් පමණ වූ ජනතාව දිළිඳු බවින් මුදා සංවර්ධිත මට්ටමකට රැගෙන ඒම පිළිබඳව චීනයට සිය සතුට පළ කරනවා. එසේම නොයෙකුත් ක්ෂේත්‍රයන්හි තාක්ෂණික දියුණුව සමඟ චීනය අද ගෝලීයව ලබාගෙන ඇති ස්ථානය ගැන සතුට ප්‍රකාශ කරන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උත්සවයේ ආරාධිතයන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ මහත්ම මහත්මීන් කැබිනට් අමාත්‍යවරුන්, විශේෂ තානාපතිවරුන්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු විශාල ආරාධිතයන් පිරිසක් මේ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සුභාෂිණී සේනානායක නෙත්මි පූජනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT