‘ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතියේ ආධිපත්‍යයෙන් ජනතාව බලාපොරොත්තු වන අරමුණු ඉටු කර ගැනීමට නීතිය පිළිබඳ දැනුම ජනතාවට අවශ්‍යයÓ යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අපේ රටේ ඇති වු ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමත් ඊට හේතු වූයේ යැයිද ඇමැතිවරයා පැවසීය.
නීතිය පිළිබඳ ජනතාවට දැනුම ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධාන කරනු ලබන 2023 ජාතික නීති සතිය සමාරම්භක උත්සවය අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය මහතාගේ සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 12, උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී පෙරේදා (28) පෙරවරුවේ පැවැත්විණි.
එහිදී අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
‘අපේ රටේ නීතිඥ වෘත්තිය පිළිබඳව සාමාන්‍ය ජනතාවට තිබු වැරදි මතය වෙනස් කිරීමට හිටපු විනිසුරු සී.ජේ.වීරමන්ත්‍රි මහතා විසින් 2006 වසරේදී මේ ජාතික නීති සතිය සංකල්පය ලෝකයට හඳුන්වා දෙනු ලැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ නීතියේ ආධිපත්‍යය මගින් ජනතාව බලාපොරොත්තු වන අරමුණු ඉටු කර ගැනීමට නීතිය පිළිබඳ වු දැනුම ජනතාවට අවශ්‍යයි. මේ වන විට නීති ආධාර කොමිෂන් සභාව විසින් අඩු ආදායම්ලාභි ජනතාවට නොමිලේ නීතිමය සේවා ලබාදීම සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඊට යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙෆ් හා UNDP ආයතනවල සහයෝගය දී තිබෙනවා. එමෙන්ම සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ද කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ද ජාත්‍යන්තර ආයතනවල සහයෝගය ලැබී තිබෙනවා. පසුගිය කාලයේ අපේ රටේ ඇති වු ආර්ථික අර්බුදයට නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමත් හේතු සාධක වුණා. ආර්ථක අර්බුදයෙන් අත් මිදෙමින් ඇති අවස්ථාවක සිටින ජනතාවට මෙවැනි වැඩසටහන් පැවැත්වීම අතිශයින් වැදගත්. ජාතික නීති සතියෙන් සිදු කරන සේවා වර්තමානයට අතිශයින් වැදගත්. ජනතාවට නීතිය පිළිබඳ වු අවබෝධය ලබාදීමට නීතිඥ ප්‍රජාව විසින් කරනු ලබන මේ සේවාව සාර්ථකව සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ සහ රජයේ උපරිම සහයෝගය දෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
අගවිනිසුරු ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ කෞශල්‍ය නවරත්න, ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැදී, UNDP ආයතනයේ ශ්‍රී ලංකා නේවාසික නියොජිත අෂුෂා කුබෝටා මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වූහ.
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, 2023 – ජාතික නීති සතිය කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහත්ම මහත්මීන් ද විනිසුරුවරුන්, යුරෝපා සංගමය, ආසියා පදනම, යුනිසෙෆ් හා UNDP ආයතනයන්හි නිලධාරීන්, නීතිඥයන්, පාසල් සිසුන්, ජනතාව ඇතුළු විශාල පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.