කැලණිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) දහවල් පැමිණියේය. එහිදී මල් පහන් පුදා බෝධීන් වහන්සේ අභියස දී රාජපක්ෂ මහතා විසින් බෝධි පූජාවක් ද පැවැත්වීය. අනතුරුව විහාරස්ථානයේ සම්බුදු මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව, කැලණිය රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ග මහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර රාජපක්ෂ මහතාට ආශිර්වාද කළහ. අනතුරුව විහාරාධිපති නාහිමියෝ සධාතුක කරඬුව මහින්ද රාජපක්ෂ මහතාගේ හිස මත තබා ආශිර්වාද කළහ. කැලණිය රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ, රාජ්‍ය ඇමැතිවරුන් වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.