Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාව සහ සෞදි අරාබියාව දිගු කාලීන මිතුරන් ලෙස කටයුතු කරනවා

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබියාව දිගු කාලීන මිතුරන් ලෙස කටයුතු කරනවා

ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති

by gayan
September 30, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබියාව අතර දිගුකාලීන ද්වි පාර්ශ්වික සබඳතා, දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාව මත පදනම් වන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් හමුඩ් අල්ග් කග්දානි මහතා ප්‍රකාශ කරයි.

තානාපතිවරයා මේ බව සඳහන් කෙළේ සෞදි අරාබියාවේ ජාතික නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ දී පැවති සැමරුම් උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිවරයා මෙසේද පැවසීය.

මෑත කාලයේ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සංචාරයන් හේතුවෙන් ද්වීපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් වී තිබෙනවා. එය දෙරට අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් රාශියක් අත්සන් කිරීමට හේතුවී තිබෙනවා.

පරිසරය ආරක්ෂා කිරීම, පෘථිවිය ආරක්ෂා කිරීම මෙන්ම දේශගුණික අවදානම අවම කිරීම වෙනුවෙන් සෞදි අරාබිය වැදගත්කමක් ලබා දෙනවා.

සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකාව දිගුකලක් කීර්තිමත් ද්වි පාර්ශ්වික සබඳතා භුක්ති විඳින අතර, එය දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාව මත පදනම් වෙනවා. ඒවා විවිධ ක්ෂේත්‍රවල සැලකිය යුතු ලෙස දියුණුවී තිබෙනවා. ඒ වගේම එය ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් තැබීමට හේතු වී තිබෙනවා. මෑතක දී දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සංචාර හුවමාරුව දෙරට අතර සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් වීමට දායක වී තිබෙනවා. ගල්ෆ් කලාපයේ සෞදි අරාබියාව ශ්‍රී ලංකාවේ වැදගත්ම වෙළෙඳ හවුල්කරුවකු ලෙස සැලකෙනවා. 2022 දී ශ්‍රී ලංකාවට රාජධානියෙන් අපනයන වූ මුළු ප්‍රමාණය සෞදි රියාල් මිලියන 714 දක්වා ළඟා වූ අතර, ශ්‍රී ලංකාවෙන් රාජධානියට කරන ලද මුළු ආනයන ප්‍රමාණය සෞදි රියාල් මිලියන 508.863 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞදි අරාබියාව ශ්‍රී ලංකාවට අපනයනය කරන වැදගත්ම භාණ්ඩ අතර ලෝහ, ප්ලාස්ටික්, සම්පදම් කිරීමේ ද්‍රව්‍ය, තීන්ත, කාඩ්බෝඩ් සහ ඇලුමිනියම් යන ද්‍රව්‍ය වෙනවා. ඒ වෙනුවට ශ්‍රී ලංකාව සිය නිෂ්පාදන ගණනාවක් එරටට අපනයනය කරන අතර ඒවායින් ප්‍රධානතම භාණ්ඩ වන්නේ කෝපි, තේ, කුළුබඩු, නිමි ඇඳුම්, පලතුරු සහ මාළු ද වෙනවා. සෞදි – ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුව 2023 මැයි මාසයේදී සෞදි අරාබි රාජධානියේ රියාද් නගරයේ දී රැස්වීම් පැවැත්වූ අතර එහිදී දෙපාර්ශ්වයම ආර්ථික, වෙළෙඳ, ආයෝජන, සංස්කෘතික, සමාජීය සහ සංචාරක ක්ෂේත්‍රවලට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡා කළා. මෙම හමුවීම්වලට සමගාමීව රියාද් නගරයේ දී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සහ සෞදි වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර හමුවක් ද පැවැත්වුණු අතර, ඉදිරි කාලය තුළ දෙපාර්ශ්වය අතර හමුවීම් රැසක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෞදි රාජධානිය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමේ හවුල්කරුවෙක්. එමගින් සපයන ලද මුළු ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 455කට වඩා වැඩි වෙනවා.

මෙම මූල්‍ය ආධාර මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය, වාරිමාර්ග, කෘෂි කර්මාන්තය සහ මාර්ග ජාල ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කළා. රාජධානිය ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයකට ආසන්න වශයෙන් සත්කාර කර සිටිනවා. ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් දහස් ගණනක් උම්රා සහ හජ් ඉටුකිරීම සඳහා රාජධානියට පැමිණෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකාව බොහෝ සෞදි පුරවැසියන් සඳහා වැදගත් සංචාරක සහ ආයෝජන ගමනාන්තයක් ලෙස සැලකෙනවා.

පරිසර ඇමැති නසීර් අහමඩ්

මහතා – සෞදි අරාබියාවේ 93 වැනි ජාතික දිනය අද සමරනවා. ඒ වෙනුවෙන් සුබපැතුම් පිරිනමනවා.

සෞදි අරාබියාවේ වෙළෙඳුන් මේ රටට පැමිණි කාලයේ සිට පරම්පරා ගණනාවක සිට දෙරට අතර සබඳතා පවතිනවා. ක්‍රිස්තු වර්ෂ 08 වැනි සියවසේ දී මෙන්ම 1974 දී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමත් සමඟ ජාතීන් දෙක අතර සබඳතා ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ තාක්ෂණික යනාදී වශයෙන් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ව්‍යාප්ත වී තිබෙනවා.

පසුගිය වසරේ සංචාරය සමඟ සෞදි අරාබියාවේ විශේෂ නියෝජිතයා ලෙස දෙරට අතර අපගේ ජනතාවගේ අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා සාමුහිකව යොදා ගැනීමට වඩා විශාල අවස්ථා හා හැකියාවන් ඇති බව පේනවා. පුනර්ජනනීය බලශක්තිය, ඛණිජ, රසායන ද්‍රව්‍ය, වෙළෙඳ පහසුකම්, සංචාරක සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව, ශ්‍රී ලාංකේය පුහුණු හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් සඳහා රැකියා වෙළෙඳපොළ ඉහළ නැංවීම සහ සංස්කෘතික හා ආගමික සබඳතා ශක්තිමත් කිරීම වැනි උපාය මාර්ගික ආයෝජන ක්ෂේත්‍රවල ආයෝජන ප්‍රවර්ධන සහ අන්තර් ක්‍රියාකාරකම් ප්‍රධාන වෙනවා යැයි පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත, විදුර වික්‍රමනායක, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය ඇමැතිවරුන් වන තාරක බාලසූරිය, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, විජිත හේරත්, වීරසුමන වීරසිංහ, ජේ.සී. අලවතුවල, රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, රවුෆ් හකීම්, ඒ.එච්.එම්. ෆවුසි මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT