Home » සරත් එන්. සිල්වාගේ ගෙදරින් පිත්තල අලියකු සහ ටජ්මහල් අනුරුවක් උස්සලා

සරත් එන්. සිල්වාගේ ගෙදරින් පිත්තල අලියකු සහ ටජ්මහල් අනුරුවක් උස්සලා

by gayan
September 30, 2023 1:00 am 0 comment

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට අයත් කටාන ප්‍රදේශයේ පිහිටි නිවෙසේ තිබූ පිත්ත‍ෙවලින් නිෂ්පාදිත අලියකු සහ කුඩා ටජ් මහල් අනුරුවක් ඇතුළු භාණ්ඩ රැසක් පසුගියදා (27) රාත්‍රීයේදී සොරාගෙන යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි.

සරත් එන්. සිල්වා මහතා කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔහුට අයත් නැඟෙනහිර කටාන ප්‍රදේශයේ පිහිටි නිවෙසේ පිටුපස දොර කඩා ඇතුළු වී එම සොරකම සිදු කර ඇති බවට පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ එම නිවෙස සහ ඉඩම බලා ගැනීම සඳහා දිවා කාලයේදී පමණක් මුරකරුවකු සිටින බවයි. මුරකරු පෙරේදා (28) උදෑසන හිටපු අගවිනිසුරුවරයාගේ නිවෙසට පැමිණ නිවෙස අවට පරීක්ෂා කිරීමේදී එම නිවෙසේ පිටුපස දොර කඩා ඇති බව

දැක දුරකථනයෙන් පොලිසිය දැනුම්වත් කර තිබේ . පසුව කොච්චිකඩේ පොලිස් නිලධාරීන් මුරකරු සමඟ නිවෙස පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී

පිත්තල අලියකු සහ කුඩා ටජ්මහල් අනුරුවක් සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය කරගෙන තිබේ. කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනක ජයකොඩි මහතා ඇතුළු නිලධාරීහු එම සොරකම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT