Home » සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණයක්

සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණයක්

by gayan
September 30, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක‍

මෙරට සියලු ශ්‍රමිකයන් ආවරණය වන පරිදි සමාජ ආරක්ෂණ යෝජනාවලියක් සකස් කිරීම කෙරෙහි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවත්, ජාත්‍යන්තර උදාහරණ ගනිමින් සකස් කෙරෙන මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට සහ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉදිරි සතිය වන විට යොමු කරන බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා දිනමිණට පැවසීය.

මේ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහයෝගය ලැබී ඇතැයිද මේ යෝජනාවලියට අදාළ සංකල්ප සකස් කරමින් පවතින බවද පැවසූ ඇමැතිවරයා වි‍දෙස් ක්‍රමවේද අධ්‍යයනය සඳහා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් පසුගියදා ඉන්දුනීසියාවේ සංචාරය කළ බවත්, ඊට අදාළ තොරතුරු ඇතුළත් කරමින් වාර්තාවක් ඉදිරි සතිය වන විට සූදානම් කිරීමට නියමිත බවත් කීවේය.

මේ වන විටත් විධිමත් සහ අවිධිමත් අයුරින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද විවිධ අංශ කේන්ද්‍ර කරගනිමින් සකස් කර ඇති බව කියා සිටි මනූෂ නානායක්කාර මහතා ඒ සියලු ක්‍රමවේදයන්ද අධ්‍යයනය කරමින් ඒ සියලු දේ ඒකාබද්ධ කරගනිමින් රටම ආවරණය වන පරිදි නව යෝජනාවලිය සකස් කරන බවත් පැවසීය. මේ වන විටත් රට තුළ විධිමත් හා අවිධිමත් අයුරින් කටයුතු කරන ශ්‍රමිකයන් කෝටි එක හමාරකට වැඩි සංඛාවක් රට තුළ සිටින බවට වාර්තා වේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT