Home » නාවික හමුදාව මැදිහත් වීමෙන් මඟින් ගාල්ල වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

නාවික හමුදාව මැදිහත් වීමෙන් මඟින් ගාල්ල වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ

by yasara
September 30, 2023 4:42 pm 0 comment

ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් ඊයේ (29) දින ක්‍රියාත්මක කෙරිණි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ ඇදහැලෙන තද වැසි තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිංගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම  මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීමට විශේෂ මෙහෙයුමක් සිදුකෙරිණි.

ඒ අනුව, දකුණු නාවික  විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා ආප‍දා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව,   වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට අවශ්‍ය  ක‍ටයුතු සිදු කිරීමෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවිය හැකිව තිබූ ගං වතුර අවදානම මඟහැරවීමට කටයුතු  කෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT