Saturday, May 10, 2025
Home » බන්දුල පද්මසිරි සජබ ත්‍රි’මලය දිස්ත්‍රික් සංවිධායක

බන්දුල පද්මසිරි සජබ ත්‍රි’මලය දිස්ත්‍රික් සංවිධායක

by gayan
September 30, 2023 1:00 am 0 comment

ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටි.එම්. ගුණානන්ද
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බන්දුල පද්මසිරි මහතාට පත්වීම ලිපිය පිරිනැමූ අයුරු.

සමඟි ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක ලෙස ආර්.එස්.බන්දුල පද්මසිරි මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබ තිබේ. අදාළ තනතුරේ පත්වීම් ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී බන්දුල පද්මසිරි මහතාට පිරිනැමීය. බන්දුල පද්මසිරි මහතා මැණික් විශේෂඥයකු වන අතර දිගු කලක සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින අයෙකි. මැතිවරණයේදි කන්තලේ හා තඹලගමුව කොට්ඨාස ජයග්‍රහණය කරවීමට වැඩි අවධානයක් යොමු කරවන ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන්ට උපදෙස් දුන් බව නව දිස්ත්‍රික් සංවිධායක බන්දුල පද්මසිරි මහතා පැවසීය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT