Saturday, May 10, 2025
Home » නවමිල්ලාන ගමේ උන්නතියට කැප වුණු 146කට උපහාර

නවමිල්ලාන ගමේ උන්නතියට කැප වුණු 146කට උපහාර

by gayan
September 30, 2023 1:00 am 0 comment

දිඹුලාගල නවමිල්ලාන ගම්මානයේ ආරම්භයේ සිට මේ දක්වා විවිධ කැපකිරීම් කර ගම්මානය ආරක්ෂා කර ගැනීමට සහ සංවර්ධනය කිරීමට ඇප කැප වී ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 146 දෙනෙකුට උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා (27) එම ගම්මානයේ තරුණ පිරිසක් එක්ව නවමිල්ලාන ප්‍රාථමික විද්‍යාලයේදී සිදු කළේය.

ඓතිහාසික පුල්ලිගොඩ රාජ මහා විහාරාධිපති සිංහපුර චේතියාලංකාර නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු වූ මෙම උපහාර දැක්වීම උලෙළේ දී ගම්මානයේ සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙන්ම ආබාධිත මෙන්ම විවිධ රෝගාබාධවලට ලක්ව සිටින වැඩිහිටියන් පාසලට ගෙන්වා මල් කලඹක් දී පිළිගෙන ඔවුන් රතු පලස මතින් විද්‍යාලයට කැඳවාගෙන ගොස් ඔවුනට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට ද එම තරුණ සංවිධානය කටයුතු කර ඇත.

මෙහිදී අනුශාසනාව සිදු කළ සිංහපුර චේතියාලංකාර නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ, වර්තමානයේ ඇතැම් තරුණ තරුණියන් විවිධ මත්ද්‍රව්‍යවලට ගොදුරු වී සමාජයේ නොහොබිනා වැඩකරන වකවානුවක දිඹුලාගල නවමිල්ලාන තරුණ තරුණියන් ඒකරාශි වී සිදු කළ මෙම ක්‍රියාව අගය කරන බවයි.

ගම්මානයේ විවිධ දස්කම් දැක්වූ දූ දරුවන් විසින් වැඩිහිටියන් ඉදිරියේ නර්තන කිහිපයක් ද මෙහිදී ඉදිරිපත් කළ අතර, ඔවුන් වෙනුවෙන් විශේෂ දේශනයක් ද දිඹුලාගල ඇල්ලේවැව ශ්‍රී සීලාලංකාර කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඒ. ජී. විජේතිස්ස මහතා සිදු කළේය.

සිරිපු‍ර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT