රටම වෙළා ගත් තිස්වසරක බිහිසුණු යුද්ධය, ලොවම වෙළා ගත් කොරෝනා වසංගතය හා ලාංකේය ආර්ථිකයේ බිඳ වැටීම ඇතුළු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් තම රාජකාරිය දේවකාරියක් සේ සලකා ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස සිදු කළ මෙහෙවර අගයමින් දෙහිවල ප්‍රාදේශීය මාධ්‍යවේදී ඩී පී. හේරත් මහතා “ශ්‍රී සුභූති 2023” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
දෙහිවල ප්‍රදේශීය ලේකම් ඒ .එම්. නන්දසිරි මහතාගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංස්කෘතික බල මණ්ඩලය මඟින් මෙය සංවිධානය කර තිබූ අතර, එහිදී කලාකරුවන්, සාහිත්‍යවේදීන්, ගායකයන්, මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් ඇගැයීම ඉකුත් 27 වැනිදා දෙහිවල එස්. ද එස්. ජයසිංහ සමරු ශාලාවේදී සිදු කෙරිණ. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සේනක සිල්වා, කොලොන්නාව ප්‍රදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එම්. එම්. සී. කේ. කේ. මාන්නප්පෙරුම, කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ මෙලනි අශෝකා, දෙහිවල සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති ඇතුළු බල මණ්ඩලයේ නිලධාරීන් සාමාජික සාමාජිකාවන්, කලාකරුවන්, පාසැල් ළමුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
කොට්ටාව – ප්‍රදීප් කුමාර