Home » ගල්පිහිල්ලට අවුරුදු 35ක් තිස්සේ බොන්න වතුර නෑ

ගල්පිහිල්ලට අවුරුදු 35ක් තිස්සේ බොන්න වතුර නෑ

පවුල් 80කටම ඇත්තේ එක නළ ළිඳයි

by gayan
September 30, 2023 1:00 am 0 comment

අල්ලපු ගමට දුන් ජල සැපයුම අපටත් දෙන්න – ජනතාව

වසර තිස්පහක පමණ කාලයක සිට පිරිසුදු පානීය ජලය ලබා ගැනීමේ දුෂ්කරතාවයකින් පීඩා විඳින පන්විල, ගල්පිහිල්ල ගම්මානයේ ජනතාව තමන්ට පානීය ජල පහසුකම් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටිති.

පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම ගම්මානයේ සිංහල සහ දමිළ පවුල් 80ක 300කට ආසන්න ජනතාවක් පදිංචිව සිටිති. මොවුන් සියලු දෙනාට ජලය ලබා ගැනීමට ඇත්තේ ගම්මානයේ ඇති එකම නළ ළිඳකින් බවත්, හුළු ගඟ ව්‍යාපෘතිය මඟින් ගල්පිහිල්ල ගම්මානයට යාබදව ඇති ගම්මානයට ජල සැපයුමක් ලබා දී ඇතත් මෙම ගමට එම සැපයුම ලබා දී නැති බවත් ඔවුහු පෙන්වා දෙති. ඔවුන් ඉල්ලා සිටින්නේ එම ජල දිගුව තම ගම්මානය දක්වා දිගු කර දෙන ලෙසටයි.

පවතින ජල ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගල්පිහිල්ල ගමේ පදිංචි එස්. සුසන්ත කුමාර මහතා මෙසේ පැවසීය.

“අවුරුදු ගණනාවක සිට අපි බීමට ජලය ලබා ගන්නේ ගම්මානයේ තිබෙන නළ ළිඳෙන්. මෙයින් සීමාසහිතවයි ජලය ලබා ගත යුත්තේ. වැඩිපුර ජලය ලබා ගත්තොත් අනෙක් අයට ජලය ගැනීමට නොහැකි වෙනවා. රෙදි කෑල්ලක් හෝදගන්න ඕනෑ වුණොත් අපට කිලෝමීටර් ගාණක් දුර ගෙවලා ජලය තිබෙන තැනකට යන්න වෙනවා. කුඩා දරුවකුට නාගන්නවත් තැනක් නැහැ. මේ ගැටලුව කියලා අපි ගමට එන දේශපාලඥයන්ට, නිලධාරීන්ට ලිපි මඟින් සහ වාචිකව දැනුම් දීලා තිබෙනවා. නමුත් අපට මෙතෙක් කිසිම විදිහකින් සහනයක් ලැබිලා නැහැ.

හසලක සමූහ – ඊ. එම්. එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT