Home » ජපානයට තියුණු ජයක්

ජපානයට තියුණු ජයක්

by gayan
September 30, 2023 1:00 am 0 comment

ප්‍රංසයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියේ ජපානය සහ සැමෝවා අතර තරගයෙන් ජපානය ලකුණු 28-22ක තියුණු ජයක් වාර්තා කළේය. ප්‍රංසයේ ටවුලොවූස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු භාගයේදී ලකුණු 17 – 8ක් ලෙස ජපානය ඉදිරියෙන් සිටි අතර, දෙවැනි භාගයේදී සැමෝවා පිලේ අභියෝග මැද ජපානය එම රටාව ඉදිරියට ගෙන ගියේය. ජපානය උත්සහක දිනුම් 3ක්, ගෝල් ප්‍රවර්ථන2ක් සාර්ථක කරගත් අතර,දඩුවම් පහර 3කින් ලකුණු එක්කර ගත්තේය. සැමෝවා උත්සහක දිනුම් 3ක්, ගෝල් ප්‍රවර්ථන 2ක් සාර්ථක කරගත් අතර, දඬුවම් පහරක් ඇතුළත් විය.‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT