ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා කළේය. ඉන්දියාවේ ගුවහාතී බර්පසරා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 263ක ඉලක්කයක් බංග්ලාදේශ පිලට ලබාදුන් අතර, ඔවුහූ කඩුලු 3ක් දැවී ලකුණු 264 ක් ලබා ජය තහවුරු කරගත්හ.
බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වූ ටැන්සිඩ් හසන් (ලකුණු 84) හා ලිටන් දාස් (ලකුණු 61) ලබා ගැනීම හේතුවෙන් ආරම්භක කඩුල්ලට ලකුණු 131ක ප්‍රබල අඩිතකාලමක් ගොඩ නැගුණි. මෙහෙදි හසන් මිරාස් නොදැවී ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වූවේය.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් ජනිත් පෙරේරා හා පැතුම් නිශ්ශංක පිටියට පිවිසි අතර, කුසල් ජනිත් පෙරේරා පන්දු 24 කදි හතරේ පහර 6ක් සමග ලකුණු 34ක් ලබා සිටියදී උරහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් නොදැවී පිටියෙන් ඉවතට ගිය අතර, අනතුරුව කුසල් මෙන්ඩිස් දැවී යද්දී ආරම්භක කඩුල්ලට ලකුණු 104ක සම්බන්ධතාවක් එක්ව තිබුණි. පැතුම් නිශ්ශංක පන්දු 64කදි හයේ පහරක් හා හතරේ පහර 8ක් සමග ලකුණු 68ක් ලබා ගත්තේය.
අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 19කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 22ක් ලබා සිටියදී නසුම් අහමඩ්ගේ පන්දුවකට නජුමුල් හොසේන් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. සධීර සමරවික්‍රම පැමිණි විගසම ලකුණු 2කට දැවීගිය අතර, චරිත් අසලංක
මැද පෙළ ශක්තිමත් කරමින් ධනංජය ද සිල්වා පන්දු 79කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 55ක් ලබා ගැනීමට සමත් විය. වෙනදා ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙන දිමුත් කරුණාරත්න අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 18ක් ලබාගත් අතර, නිත්‍ය පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්වූ ළහිරු කුමාර හයේ පහරක් හා හතරේ පහරක් සමග නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකාව ලකුණු 263 (ඕවර් 50)
කුසල් ජනිත් පෙරේරා 34, පැතුම් නිශ්ශංක , කුසල් මෙන්ඩිස් 22, සධීර සමරවික්‍රම 2, චරිත් අසලංක 18, ධනංජය ද සිල්වා 55, දසුන් ශානක 3, දිමුත් කරුණාරත්න 18, දුනිත් වෙල්ලාලගේ 10, දුසාන් හේමන්ත 11, ළහිරු කුමාර නොදැවී 13 ( එැනිසින් හසන් 33/1, ෂොරිෆුල් ඉස්ලාම් 35/1, නසූම් අහමඩ් 51/1, මෙහෙදි හසන් 36/3, මෙහෙදි හසන් මිරාස් 32/1)
බංග්ලාදේශ පිල කඩුලු 3කට ලකුණු 264 (ඕවර් 42)
ටැන්සින් හසන් 84යි. ලිටන්දාස් 61, මෙහෙදි හසන් මිරාස් නොදැවී 67, ( ළහිරු කුමාර 30/1 , දුෂාන් හේමන්ත 45/1 දුනිත් වෙල්ලාලගේ 57/1)