Home » අධික වර්ෂාවෙන් රත්නපුර මාර්ග කිහිපයක් යටවෙයි

අධික වර්ෂාවෙන් රත්නපුර මාර්ග කිහිපයක් යටවෙයි

by yasara
October 1, 2023 4:51 pm 0 comment

පවතින වැසි තත්ත්වය නිසා රත්නපුර  ඇලපාත සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්  බ්ම් සහ මාර්ග කිපයක්  තුන් වන දිනටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි                                                                                                   

 ඊයේ  30 සහ අද  01   එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රදේශ කිපයක ගංවතුර තත්ත්වයක් වාර්තා වු බව රත්නපුර ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 

ඒ අතර බස්රථ ධාවනය  වන ප්‍රධාන මාර්ග තුනක් ද  ජලයේ යටවි තිබිණි .

ඒ නිසා එම මාර්ගවල ගමනාගමන කටයුතුවලට බාධා සිදු විය .අළුපොත- නිරල්ගම ප්‍රධාන බස් රථ මාර්ගය, රත්නපුර හංගමුව හරහා කරවිට ප්‍රධාන මාර්ගය සහ රත්නපුර  ඇලපාත හරහා රද්දැල්ල දිමියාව දක්වා මාර්ගයේ ස්ථාන කිපයක් ජලයෙන් යටවු තිබිණි .

ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙමළ පෝරුව ,කරංගොඩ, රද්දැල්ල, ගිනිහිරිය,  ගල්ගමුව, දෙල්ලබඩ, හල්දොල වැනි ගම්මාන රැසක ජනතාව තම දෛනික කටයුතු කර ගැනීමට  නොහැකිව  තිබිණි .     

මැණික්  පතල් කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවක් සිටින මෙම ගම්මාන වල  මැණික් පතල්  ජලයෙන් යටවීම නිසා ඔවුන්ට මේ දිනවල එම රැකියාවේ යෙදිමට නොහැකිව තිබේ .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT