Home » අපට තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනීමයි

අපට තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනීමයි

by chanaka
October 2, 2023 3:17 pm 0 comment

බලශක්ති අර්බුදය හමුවේ රට හමුවේ තිබෙන අභියෝගය සූර්යතාපය විදුලියට පරිවර්තනය කර ගැනිම බවත්, ජනාවාසකරණයේ දී නවීන තාක්ෂණය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ හැතැප්ම ගණන් විදුලි රැහැන් ඇද කෝටි ගණන් වියදම් කරමින් ජනාවාසයකට විදුලිය ලබාදීමේ අවශ්‍යතාවයක් වර්තමානයේ දි නොමැති බවයි.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ අද (02) බත්තරමුල්ලේ සෙත්සිරිපාය දෙවන අදියරේ පිහිටි ශ්‍රවණාගාරයේ දි පැවැති ලෝක ජනාවාස දින උත්සවය අමතමිණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය එය සංවිධානය කර තිබිණි.

1986 වසරේ සිය සෑම වසරක ම ඔක්තෝම්බර් මස පළමුවෙනි සඳුදා ලෝක ජනාවාස දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර ලෝක ජනාවාස දිනය සමැරුණේ 37 වන වරටයි. “සුරක්ෂිත නාගරික ආර්ථිකයක්” යන්න මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාවයි.

ලෝක ජනාවාස දිනයට සමගාමී ව ජනාවාස සතියක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි සමාරම්භක උත්සවය ලෙස මෙම උත්සවය සංවිධාන කර තිබිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙවර ලෝක ජනාවාස දිනයට සමාගාමීව සංවිධානය කෙරුණු දීප ව්‍යාප්ත චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයන් සඳහා තිළිණ ප්‍රදානය කිරීම අගමැතිවරයා අතින් සිදුවිය.

ඊට අමතරව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ජනාවාස අතර නැටුම් තරඟාවලියේ ජයග්‍රාහක කණ්ඩායම් වෙත ද තිළිණ ප්‍රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT