Monday, May 5, 2025
Home » ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුම 2023

ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුම 2023

by yasara
October 2, 2023 4:23 pm 0 comment

සියල්ලටම වඩා දරුවන් වටි යන ලෝක ළමා දින උදෘතය තේමාකර ගනිමින් ලෝක ළමා දිනයට සමගාමිව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු  ලෝක ළමා දින සැමරුම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරගම  පර්ල් බේ  ජල ක්‍රීඩා උද්‍යානයේ දී (Pearl Bay Water Park) පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මැතිණියගේ මගපෙන්විමෙන් සංවිධානය කරනු ලැබු මෙම ළමා දින සැමරුමි උත්සවය සදහා දරු දැරියන් 1000 ක් පමණ  සහභාගි වු අතර දරු දැරියන් වෙනුවෙන් විනෝද ක්‍රිඩා රැසක් ද සංවිධානය කර තිබෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු ගුවන් රන් දරු සිත්තමි – 2023  චිත්‍ර තරගාවළියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරිමද මෙහිදි සිදු කරනු ලැබු අතර, මෙම අවස්ථාව සදහා සහභාගි වු සෑම දරුවකු හටම වටිනා ත්‍යාග පාර්සලයක් ද පිරිනමන ලදි.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් මෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුලු පිරිසක් සහභාගි විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT